විෂ සහිත ආහාර සහ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්නන් සම්බන්ධයෙන් නව නීති.

0
67

විෂ සහිත ආහාර සහ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්නන්  සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් මේ පිළිබඳ සොයා බලා හැකි ඉක්මනින් අවශ්‍ය නව නීති සැකසීමට කටයුත් කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ  රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත්කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය.

 

‍විශේෂයෙන් වර්තමානයේ අවධානයට යොමුවී තිබෙන විෂ පොල්තෙල් වලට අමතරව කිරිපිටි, පළතුරු, කෘතීම ආහාර වැනි තවත්  විෂ සහිත ආහාර මෙරටට ගෙන්වීමට විවිධ සමාගම් සහ ව්‍යාපාරිකයින් කටයුතු කරන බවත් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් අවශ්‍ය අකාරයෙන් දැනට පවතින නීති සංශෝදනය කිරීම හෝ නව නීති සකස් කිරීමට කටයුතු කළ යුතු බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යෝජනා කළේය.

 

එයට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය කබ්‍රාල් මහතා මේ වන විටත් ආනයනික ආහාර රේගුවෙන් නිදහස් කිරීමට පෙර ප්‍රමිති ආයතනය හා තවත් ආයතන කිහිපයක් මගින් පරීක්ෂාවට ලක් කරන බවත් පරිභෝජනයට නුසුදුසු කිසිම ආහාරයක් ගබඩාවලට නිකුත් නොකරන බවත් සඳහන් කළේය.

 

යම් අයුරකින් මෙසේ ගෙන්වූ ආහාර ද්‍රව්‍ය වල විෂ කාරක අඩංගු වන්නේ නම් රේගු ආඥා පනතේ රෙගුලාසි අනුව නීත්‍යානුකූලව කටයුතු කරන බවත් මෙහිදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සඳහන් කළේය. එසේම අවශ්‍ය නම් ඒ වෙනුවෙන් නව නීති සකස් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here