ඔලිම්පික් සාධන මට්ටමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙක්

0
75

ඔලිම්පික් සාධන මට්ටමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ලඟා වෙනු ඇතැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බංඩාර මහතා යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඔවුන් මේ වන විට විදේශගතව පුහුණුව ලබන බවයි.

ඉදිරීයේදී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට පමණ විදෙස් පුහුණුවක් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීවේය.

ක්‍රීඩා පාසල්වලට හා පෝෂිත පාසල් වලට දරුවන් තෝරා ගැනීම වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා යොමුකළ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසීය.

අඩි 05 යි අඟල් 10 කට වඩා උස දරුවන් හඳුනා ගැනීම වෙනුවෙන් ද වැඩපීළිවෙලක් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා කීවේය. තරඟකාරි විභාග ක්‍රමයෙන් ළමයින් ඈත් කළ යුතුය. ජීවිතයට නොබියව මුහුණ දිය හැකි තරුණ පරපුරක් බිහි කිරීමට ක්‍රියා කරන බව ද හෙතෙම කීවේය.

මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රීඩා කවුන්සිලය ජාතික වශයෙන් ක්‍රීඩාව නඟා සිටුවීම වෙනුවෙන් නිසි සැලසුමක් සකසා ඇති බවද ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here