2015-2019 වාහන ආනයනයට රුපියල් බිලියන 1239 ක්.

0
65

2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට ආනයනය කළ වාහන සංඛ්‍යාව 25,15546 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඒ සඳහා වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 1239 ක් බව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවේය. රටවල් 103 කින් වාහන ආනයනය කර තිබේ.

මෙරට තුල වාහන එකලස් කීරීමේ ක්‍රමවේදයක් හා අගය එකතු කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් සිදු කරන බව අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කීවේය. පරිසර හිතකාමි වාහන ආනයනය කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කෙරේ. රට තුළම වාහන නිශ්පාදනය කිරීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here