මුදල් බලය පාර්ලිමේන්තුවට,නීතියට පිටින් බෑ.

0
48

2020 වසරේදී මෙරට ණය සීමාව ඉක්මවා නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය .

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමය සහ නීතිමය සීමාවන් ඉක්මවා යමින් වත්මන් රජය කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවේය.

2020 වසරේ රට තුළ උද්ගත වූ තත්ත්වය සමඟ ජනාධිපතිතුමා කටයුතු කළේ ව්‍යවස්ථාවට අනුකූලව බව අමාත්‍යවරයා පැවසීය.

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීමද නිසි ක්‍රමවේදයක් ඔස්සේ අවශ්‍ය අනුමැතීන් යටතේ සිදු කර ඇතැයි අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය පදනම් කරගනිමින් රජයේ කටයුතු අඩපණ කිරීමට කටයුතු නොකරන ලෙසද අමාත්‍යවරයා විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here