ඉම්රාන්‌ ඛාන් 24 වනදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි.

0
144

මේ මස 22 වන දා ශ්‍රී ලංකාවට පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන්‌ ඛාන්‌ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනාවකට අනුව මේ මස 24 වන දා මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව රජයේ ප්‍රකාශකයෙක්‌ සඳහන්‌ කරයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මඟනාගේ ප්‍රධානන්වයෙන්‌ ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ බව සඳහන්‌ වූ බව ද එම ප්‍රකාශකයා විසින්‌ පෙන්වා දෙන ලදී.

මේ අනුව 24 වනදා සවස 2.00ට පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන්‌ ඛාන්‌ මහතා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ දීර්ඝ කාලයක්‌ තිස්සේ පවතින මිත්‍රත්වය නවදුරටත් ‌ වර්ධනය කරගැනීම සහ කොවිඩි-19 අභියෝගය ජයගැනීම, ආර්ථික සහයෝගීතාව වර්ධනය කරගැනීම යන කරුණු මුල්‌ කරගනිමින්‌ පාකිස්තානු අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය සිදුවන අතර ඉම්රාන්‌ ඛාන්‌ මහතා පාකිස්නානයේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන්‌ පසුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

මීට පෙර ඉම්රාන්‌ ඛාන්‌ මහතා ශ්‍රී ලංකාවේ අවස්ථා රැසකදී ම සංචාරය කර ඇත්තේ පාකිස්තානු ජාතික ක්‍රිකට්‌ කණ්ඩායමේ නායකත්වය දරමිනි.

පාකිස්තානු ක්‍රිකට්‌ කණ්ඩායමේ සාමාජිකයකු වශයෙන්‌ ද ඉම්රාන්‌ ඛාන්‌ මහතා මෙරට සංචාරය කර ඇත.

මාර්තු මාසයේදී පැවැත්වීමට නියමින ජිනීවා මානව හිමිකම්‌ සමුළුවේදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට පාකිස්තානය දැනටමන්‌ එකඟතාවකට පැමිණ ඇති නිසා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අංශ කිහිපයකින්‌ ම දෙරටට ම වැදගත් ‌ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here