හෙට(13) සහ සිකුරාදා(15) යන දිනවලදී පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම පරීක්ෂණ සඳහා සහභාගී විය හැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දන්වා සිටියි.
කොරෝනා වෛරසය ආසාධනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් මේ වන විට පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනානාදු මහතා පවසයි.එම මන්ත්‍රීවරුන් සියලු දෙනාටම සහ අදාල අංශ දැනුවත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවද ද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී දින 04ම පාර්ලිමේන්තුවට පැමිණ තිබූ බවද හෙතෙම සඳහන් කළේය.