පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහ අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමෙන් පසු ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණ, ආපසු යන තෙක් සමීප ආශ්‍රිතයන් සී.සී.ටී.වී. දර්ශන මගින් හඳුනා ගන්නා ලද බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නිවේදනය කරයි.
ජනවාරි මස 05 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර එදින සී සී ටී.වී දර්ශන ආශ්රයෙන් ඔහුගේ සමීපාශ්රිතයන් සහ ඔවුන් පාර්ලිමේන්තුවේ ගමන් කළ ස්ථාන හදුනාගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකු පමණ සහ කාර්ය මණඩලයේ කිහිප දෙනෙකු ඒ අතර වේ. එම සමීපතමයන් සහ අදාළ අංශ ප්‍රධානීන් දැනුවත් කර අවශ්‍ය පියවර ගෙන ඇත.
ජනවාරි මස 08 වැනි සිකුරාදා කුමාරසිරි හෙට්ටිගේ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර සහානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු ඒ අනුව සමීප ආශ්‍රිතයන් ලෙසට හදුනාගෙන ඇත.ඔවුන් සම්බන්ධව, එපරිද්දෙන්ම නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති අතර අදාළ ප්‍රදේශ විශබීජානුහරණය සදහා දැනටමත් පියවර ගෙන ඇත.
ඒ අනුව, මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට කිසිදු බාධාවක් නොවන බවත්, රාජකාරි කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යනු ලබන බවත් වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේය.