පාර්ලිමේන්තුව අද හෙට වසාදැමේ…

0
24

මාධ්‍ය නිවේදනයයි.

පාර්ලිමේන්තු පරිශ්‍රය අද සහ හෙට ( 26 හා 27) සම්පූර්ණයෙන්ම විෂබීජානුහරණයට ලක් කිරීමට කටයුතු යොදා ඇත.

මේ අනුව අද සහ හෙට පාර්ලිමේන්තුව රාජකාරි කටයුතු සදහා විවෘත නොකෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කර සිටී.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සිටී පොලිස් නිලධාරියකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව පසුගිය දිනක වාර්තා වූ බැවින් ,මෙලෙස පාර්ලිමේන්තු සංකීර්ණය විෂබීජානුහරණය කිරීමට තීරණය කළ බවද මහලේකම්වරයා සදහන් කර සිටී.

ලබන බදාදා එනම් ඔක්තෝබර් 28 වන දින සිට පාර්ලිමේන්තුව නැවත සුපුරුදු පරිදි සිය කටයුතු ආරම්භ කරන අතර එදින සිට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ට මහලේකම් කාර්යාලයේ සේවාවන් ඇරඹෙන බවද මහලේකම් ධම්මික දසනායක මහතා දන්වා සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here