කෝප් සහ කෝපා රැස්වීම් තාවකාලිකව අත්හිටුවයි
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිවුව) විසින් පැවැත්වීමට නියමිතව තිබූ කමිටු රැස්වීම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.
රටේ පවතින වත්මන් කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුකොටගෙන මහජන ඒකරාශිවීම් නැවැත්වීමට රජය විසින් තීරණය කරනු ලැබීමත් සමග කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත මහතා සහ කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.
නව වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ ගිණුම් කාරක සභාව මාධ්‍ය සඳහා විවෘත කිරීමට තීරණය කළ අතර ඒවායේ ආරම්භක රැස්වීම් පසුගිය 06 වැනිදා පැවැත්විනි. එහිදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා ගල් අගුරු සමාගම විසින් ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදි සිදුකොට ඇති අක්‍රමිකතා පිළිබඳ සාක්ච්ඡා කෙරිනි.
රජයේ ගිණුම් කාරක සභාවේ පසුගිය 07 වැනිදා පැවති රැස්වීමේදී තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලැබූ තිරසර සංවර්ධන සභාව ක්‍රියාත්මක වීමේදී සිදුවී තිබෙන අක්‍රමිකතා පිළිබඳ අවධාරණය කෙරිනි.