පාර්ලිමේන්තුව පැවැත්වීම ගැන අවසන් තීරණය අද.

0
21

රට තුල උද්ගතවී ඇති කෝවිඩ් 19 අභියෝගය සමීපව නිරීක්ෂණය කරමින් පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (06) තීරණය කළේය.

 

 කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, පක්ෂ නායකයන් තීරණය කළේ අද (07) දහවල් නැවත රැස්වී පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට ගෙන යාම සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමටයි. 

 

 කෙසේ නමුත් අද සිට දැනට කැඳවා ඇති කමිටු රැස්වීම් සියල්ල තාවකාලිකව අත්හිටුවීමට එහිදී තීරණය විය.

 

ඒ අනුව අද (07) ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම, වරාය හා ගුවන් තොටුපොල සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම විවාදයට ගනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here