පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන සහ ව්‍යවස්ථාපිත ආයතන වල සේවකයින් 130 දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇතැයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ රාජ්‍ය ආයතන සහ ව්‍යවස්ථාපිත ආයතන වල සේවකයින් 10ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.