එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හනා සිංගර් මහත්මිය ඇතුළු විශේෂ පිරිසක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ද්වීපාර්ශවීය කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ප්‍රමුඛතා සහ පාරිසරික ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා සමගි ජන බලවේගයේ මැදිහත්වීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නියෝජිතයින් පිරිස දැනුවත් කළ අතර එම කරුණු සම්බන්ධයෙන් ලෝක මට්ටමේ මැදිහත්වීම ගැනද පුළුල් පරාසයක සාකච්ඡාවක් දෙපාර්ශවය අතර සිදුව තිබේ.