කෝප්,කෝපා සභාපතිධූර විපක්ෂයට ඕන…

0
123

 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ ගිණුම් කාරක සභාව ඇතුළු විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා සඳහා පාර්ලි‍මේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ වලින් ‍නාම යෝජනා කැඳවීමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් අද (21) රැස්වූ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව තීරණය කර තිබේ.

එම සාකච්ඡාවේදී විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා සඳහා සාමාජිකයන් පත් කිරිමේදි සංයුතිය සකස් විය යුතු ආකාරය පිලිබඳව දීර්ඝව සාකච්ඡා කර තිබේ.

දේශපාලන පක්ෂ වලින් ලැබෙන නාම යෝජනා අනුව ලබන පාර්ලිමේන්තු රැස්වීමේදී කමිටු සඳහා මන්ත්‍රීවරු නම් කිරීමද තීරණය වී ඇත.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රජයේ ගිණුම් කාරක සභාවේ සභාපතිධුර විපක්ෂයට ලබා දෙන ලෙස මෙම රැස්වීමට සහභාගී වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලක්ෂමන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කර තිබේ.

මෙම රැස්වීමට අමාත්‍යවරුන් වන ගරු දිනේෂ් ගුණවර්ධන,ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු ඩග්ලස් දේවානන්ද, ගරු ඩලස් අලහප්පෙරුම, ගරු ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, විජිත හේරත්, සහ සෙල්වම් අඩෛකලනාදන් යන මන්ත්‍රීවරු සහභාගී වූහ.
මෙයට අමතරව පාර්ලිමේන්තුවේ මහ‍ ලේකම් ධම්මික දසනායක, සහකාර මහ ලේකම් කුෂානි රෝහණධීර,සහ සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක යන මහත්වරුද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here