අභිනව කථානායකවරයාට මහා සංඝරත්නයේ ආශිර්වාදය
අද උදෑසන පාර්ලිමේන්තුවට වැඩම කළ මහා සංඝරත්නය අභිනව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ආශිර්වාද ලබා දුන්හ.
නාරාහේන්පිට අභයරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු වැඩම කළ මහා සංඝරත්නය විසින් කථානායකවරයාට ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනය කොට ආශිවාර්ද කළ අතර, නව ධුරයේ වැඩකටයුතු සිදු කිරීමට වැදගත්වන පරිදි අනුශාසනාවක්ද සිදු කරන ලදි.
නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ අභිනව රැස්වීම යෙදුණු ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්රීවරුන්ගේ ඒකමතිකත්වයෙන් කථානායක ධූරයට පත්වූ මහින්ද යාපා අබේවර්ධන මහතා මෙරට එකොළොස්වැනි කථානායකවරයා වෙයි.