පිල්ලයාන් සහ ප්‍රේමලාල්ට 20 පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවසර

0
59

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ ප්‍රේමලාල් ජයසේකරට 20 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවසර

පසුගියදා පැවති මහ මැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයට තේරි පත් වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ රත්නපුර දිස්ත්‍රික්කයට තේරී පත්වූ එච්.එල්.ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන්ට එළඹෙන 20 වැනිදා ආරම්භ වීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම සඳහා සහභාගී වීමට අවසර ලැබී ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත‍ා සඳහන් කරයි.
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින දෙමළ ජනතා විමුක්ති කොටි පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට මඩකලපුව මහාධිකරණයෙන් මෙම අවසරය ලබා දී තිබේ.
එමෙන්ම දැනට මරණ දඬුවමට නියමව සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එල්.ප්‍රේමලාල් ජයසේකර මහතාටද 20 වැනිදා ඇරඹෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවසර ලැබී තිබේ. ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් සිය මරණ දඬුවමට එරෙහිව අභියාචනාධිකරණය වෙත කරන ලද අභියාචනය පාර්ලිමේන්තුවට එවා ඇති අතර එය පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීතුමා විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යොමු කර පාර්ලිමේන්තු රැස්වීම‍ට ඉඩකඩ සලසා දෙන මෙන් දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here