එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිලිබඳව තීරණය කිරීම සඳහා ලබන සිකුරාදා විශේෂ කටයුත්තක් සිදුවිය හැකිබව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කෙරේ.
ඒ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකාබද්ධ රැස්වීමක් පවත්වා ඡන්ද විමසීමක් සිදුකර පක්ෂ නායකයා තෝරා පත්කර ගැනීමට නියමිත බව සඳහන්.