මම කුමන්ත්‍රණකාරයෙක් නෙමෙයි.රනිල්

0
82

රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමා ඝාතනය කිරීමේ  කුමන්ත්‍රණයක් පිලිබඳව අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරන ලදී.

ඒ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සිදුවූ සංවාදයක හඬ පටයක් පිළිබඳව මතුව ඇති තත්ත්වය දිගින් දිගටම සභාවේ අවධානයට ලක්විය.

අද පස්වරුවේ සභාවට පැමිණි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ තමා කුමන්ත්‍රණකරුවෙකු නොවන බවත්,පොලිස් පරීක්ෂණ සඳහා යොදාගන්නා හඬපට මන්ත්‍රීවරුන් සහ මාධ්‍ය වෙත නිකුත් වීම ගැටලුවක් බවයි.ඒ පිළිබඳව කථානායක වරයා සුදුසු පියවර ගතයුතු බවට වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here