රනිල්ගේ අවසන් කුමන්ත්‍රණය මෙන්න.

0
172

එක්සත් ජාතික පක්‍ෂ ජනපති අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්වීම වැළක්වීමේ අවසන් පියවර ක්‍රියාත්මක වී ඇතැයි එජාප ප්‍රබලයෙක් පවසයි.

එළඹෙන අඟහරුවාදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අතිශය තීරණාත්මක එකක් වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

අද දිනයේ පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අත්තනෝමතික බලය යොදමින් සදාචාර විරෝධී අන්දමින් වසරකට වැඩි කාලයක් පුරප්පාඩුව පවතින කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ධූරයන් මේ මොහොතේ කඩිමුඩියේ තම හිතවතුන් කණ්ඩායමක් පත්කිරීම හරහා සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.

කෙසේ නමුත් පසුගිය බ්‍රහස්පතින්දා විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීමේ තීරණය ගැනීම පිලිබඳ කැබිනට් මණ්ඩල රැස්වීමද මෙවැනිම කුමන්ත්‍රණයක් බව සඳහන්.

එජාප ප්‍රබලයා වැඩිදුරටත් පවසන්නේ බහුතර මතයට ගරුකරන සියලු පාර්ශ්ව එක්ව එළඹෙන අඟහරුවාදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම කුමන්ත්‍රණය තීරණාත්මකව පරාජයට පත්කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here