සජිත්ට අපේක්‍ෂකත්වය නොලැබුනොත් වෙනදේ…

0
118

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම සිදුනොවන්නේ නම් ගතයුතු ඉදිරි පියවර පිළිබඳව අද පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 8 දී සාකච්චාවක් පැවති බව සඳහන්.

ඊයේ රාත්‍රියේ සිට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත බලපෑම් කර ඉල්ලා ඇත්තේ පක්‍ෂය තුළින් නාමයෝජනා අහිමිවන්නේ නම් පුළුල්තම දේශපාලන සන්ධානයක් බිහිකර ඊට නායකත්වය සපයා ජනාධිපතිවරණය ජයගැනීමට අවශ්‍ය පියවර ගන්නේ නම් තමන් පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

අවසන් මොහොත දක්වා සුබවාදී ආකල්පයකින් කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් තමන් පසුවන අතරම,තැබූ පය ආපසු නොගන්නා අතර දිනන සන්ධානය තමා සතු බවද එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here