කරු-චම්පික හමුවේ ඇත්තටම මොකද වුණේ?

0
86

ජාතික හෙළ උරුමය පක්ෂයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ කතානායක කරු ජයසුරිය මහතා අතර හමුවක් ඊයේ රාත්‍රියේ සිදුව තිබේ.

එහිදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දක්වා තිබේ.

එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිධූර අපේක්‍ෂකත්වය පිළිබඳව එම පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලබන තීරණය එතරම් වැදගත් නොවන බැවින් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර කැමැත්ත සහිත පුද්ගලයා අපේක්‍ෂකයා බවට පත්කිරීම වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බව සිය ස්ථාවරය වන බවයි.

බහුතර ජනතාවගේ සහ මහජන නියෝජිතයින්ගේ බහුතර කැමැත්ත සහිත පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මෙම ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන්නැයි කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here