කබීර්,රංජිත්,රාජිත සහ දිනේෂ්ට විශේෂ වගකීමක්.

0
44

එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සතු ජනාධිපතිවරණය ජයගැනීමේ උපක්‍රමය මේ සති අන්තයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ උපක්‍රමය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර කෙරෙන්නේ එජාප නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමඟ අරලියගහ මන්දිරයේදී ඉකුත් දා පැවැත්වූ සාකච්ජා වල ප්‍රතිඵල ලෙසය.

එහිදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනපතිවරණ ජයගැනීමේ උපක්‍රමය සැකසීම සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න, මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි මහත්වරුන් වෙත පවරනු ලැබිණි.

ඉහත කණ්ඩායම විසින් ජනාධිපතිවරණය ජය ගැනීමට ඉදිරිපත් කරන උපක්‍රම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස,සහ කතානායක කරු ජයසුරිය මහත්වරුන්ගේ අදහස් ලබා ගැනීම සඳහා මෙම සති අන්තයේදීම යොමු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here