සජිත් එනවා නමින් දිවයින පුරා පවත්වන මහජන රැළි මාලාවේ මීළඟ රැළිය කුරුණෑගල නගරයේදී ලබන 4වනදා පැවැත්වීමට නියමිතය.
4වනදා පස්වරුවේ කුරුණෑගල නගරයේදී මෙම රැළිය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ පක්ෂයේ ජේෂ්ඨතම සාමාජිකයෙකු වන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් මෙම දිස්ත්‍රික්කය නියෝජනය කරන බැවින් දිස්ත්‍රික්කයේ කුමන මැති,ඇමතිවරුන් මෙම රැළියට සහභාගී වනු ඇත්ද යන්න අවිනිශ්චිත තත්වයක පවතියි.