නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.
මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වන ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇය එම ධූරයෙන් ඉවත්වන බව සඳහන්.
පසුගිය වකවානුවේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන බවට නම් කියැවුණු නාගනන්ද කොඩිතුවක්කු,රොහාන් පල්ලෙවත්ත ඇතුළු සමාජ කණ්ඩායම් රැසක් එක්ව දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ මහත්මිය ඉදිරිපත් කිරීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනු ලබයි.