පාර්ලිමේන්තු මන්ත්රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස්වන පුරප්පාඩුව පිළිබඳව මේ වනවිට දේශපාලන කේෂ්ත්රයේ බරපතල කතාබහක් ඇතිව තිබේ.
ඒ ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු මන්ත්රී ධූරයෙන් ඉවත්වීම හේතුවෙන්.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ කාම්බෝජ සංචාරයෙන් අනතුරුව හිස්ව ඇති ජාතික ලැයිස්තු මන්ත්රී ධූරය පිලිබඳ අවසන් තීරණය ගැනීමට නියමිත බව සඳහන්.
මේ වනවිට ඒ සඳහා නම් දෙකක් යෝජනා වී ඇති බැව් දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හෝ ජනාධිපති ශිරාල් ලක්තිලක යන මහත්වරුන්.