පසුපෙළ අද අගමැතිට කියන්න යන දේ.

0
60

ඉදිරි ජනාධිපතිවරණයේදි වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහයෝගය ලබා ගැනීමෙන් එක්සත් ජාතික පක්ෂයට හානියක් වනු ඇති බව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමට තීරණය කර ඇත.

ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළා දමා දින 52 ක කාලයක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කොට ආණ්ඩුවක් පිහිටුවීම හේතුවෙන් පාක්ෂිකයා ඔහු කෙරෙහි කළකිරී සිටින බැවින් මේ අවස්ථාවේ ඔහුගේ සහාය ගැනීම පාක්ෂිකයා කළකිරවීමක් බවද පෙන්වා දීමට පසුපෙළ මන්ත්‍රීවරු තීරණය කර තිබේ.

එම නිසා මෛත්‍රිපාල සිරිසේන මහතා සද්භාවයෙන් සහාය දීමට ඉදිරිපත්වූවත් ඔහුගේ සහාය ගැනීම පක්ෂයක් ලෙස අවාසියක් බවද පෙන්වාදීමට ඔවුන් සාකච්ඡා කර ඇත. ඇමති මණ්ඩලයේ සිටින සාමාජිකයින් බහුතරයක්ද ජනාධිපතිවරයාගේ සහාය ලබා ගැනීමට අකමැති බවද පසුපෙළ මන්ත්‍රීවරු අගමැතිවරයා දැනුම්වත් කිරීමට තීරණය කර ඇත.

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදීද මේ ගැන කතා කරන බව කී එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ තීරණය පාර්ලිමේන්තුවේදි අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන බවද කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here