පාස්කු ප්‍රහාරය ගැන ජනපති දැනුවත් – පූජිත්

0
79

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි දක්වා ඇති ආකාරයට
රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සෘජුවම ජනාධිපතිවරයා වෙත කරුණු වාර්තා කළ බව අදාළ පෙත්සමේ සඳහන් වේ.
වරින් වර තමන් වෙත ඇතැම් බුද්ධි තොරතුරු ලබා දුන්න ද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් අවධානය යොමු කර කටයුතු කිරීමෙන් තමන් වළකා තැබුණු බවත් එහි සඳහන්ය.

එම තත්ත්වය තුළ සීමිත තොරතුරු මත පදනම්ව සහ තමන්ට පනවා තිබූ සීමාවන්ට යටත්ව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගත් බව පූජිත් ජයසුන්දර කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here