පාස්කු ප්‍රහාරය ගැන සොයන කමිටුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ සැමගේ ප්‍රශංසාව හිමිව තිබේ. මන්ද මෙම කමිටුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛස්ථානය දී කටයුතු කරන බැවිනි.
කාරක සභාව මුලින්ම සාක්ෂිකරුවන්ට දැනුම් දී ඇත්තේ ඉදිරි ජාතික ආරක්ෂක කටයුතු පිලිබද කිසිදු තොරතුරක් කාරක සභාව හමුවේ හෙළිනොකරන ලෙසයි.
කාරක සභාව පත් කීරිමේ යෝජනාව පැමිනි අවදියේ මාධ්‍ය මගින් මොනදේ හෙළි කලත් කාරක සභාවේ ක්‍රියාකාරිත්වය මාධ්‍ය ට හෙළි කිරිමත් සමග සත්‍ය හෙළිදරව් වීමට පටන් ගෙන ඇත.
එදා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝශාභියෝගය විභාග කල කමිටුවේ අ.පො.ස සා පෙළ අසමත් විමල් විරවංශ වැනි අය කටයුතු කලද මෙම කමිටුවට ආරක්ෂක විශේෂඥයෙකු වන ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කර සිටින බව පවසති.
මෙලෙස සත්‍ය හෙළි වි ඇති බැවින් විපක්ෂය කලබල වී කමිටුවට එරෙහිව කතාකිරිමට හා මඩ ප්‍රචාර ගෙන යාමට තිරණය කර ඇතැයි වාර්තා වේ.