පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ලබා දුන් ආන්දෝලනාත්මක දුරකථන ඇමතුම මේ වනවිට සමාජයේ දැඩි කතාබහකට ලක්ව තිබේ.
ඒ ඊයේ රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක දේශපාලන වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා එම හඬ පටය මාධ්‍ය වෙත නිකුත් කරන ලදී.
අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතාද එම හඬ පටය හදිසි නීති විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.