ජනපතිවරණ පොදු අපේක්‍ෂකයා මෙන්න.

0
338

එළඹේන ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල ඇමතිවරයෙක් මේ වන විට ප්‍රසිද්ධියේම කටයුතු ආරම්භ කර තිබේ.

සිංහල බෞද්ධ පසුබිම මුල්කර ගනිමින් සහ තවත් සුවිශේෂ ක්ෂේත්‍රයකින් ලොව දිනා සිටින නාමය ප්‍රයෝජනයට ගනිමින් එළැබෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව අමාත්‍යවරයා පසුපෙළ මන්ත්‍රීවරුන්ට නිල වශයෙන් දැනුම් දෙන ලදි.

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් සිය නුගේගොඩ නිවසට කැදවා රාත්‍රී භෝජන සංග්‍රහයක් දීමෙන් පසු කැබිනට් අමාත්‍යවරයා තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව නිල වශයෙන් දැනුම් දී තිබේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම තරඟකර තේරි පත් වූ තමාට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදුසුකම් ඇතැයි ද ඇමතිවරයා කියා ඇත.

තුමන තත්ත්වයක් යටතේ වුවද පොදු අපේක්ෂකයා වශයෙන් තමන්ගේ දේශපාලන ගමන ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය මත යැයිද කැබිනට් අමාත්‍යවරයා තරයේ අවධාරණය කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here