එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
අද පැවති කණ්ඩායම් රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ලැබීය.ඊට හේතු වූයේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව නිසාය.
මේ දිනවල සමාජයේ වැඩි කතාබහකට ලක්වන දේශපාලන චරිතයක් ලෙස සැළකෙන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද පැවති කණ්ඩායම් රැස්වීමට සහභාගී නොවීය.
එහෙත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ යම් කතාබහක නිරතව සිටි බව වාර්තා වේ.