අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව රටේ පවතින වත්මන් තත්වය පිලිබඳ සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
යෝජනාව ස්ථිර කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතායි.
යෝජනාව ඉදිරිපත් කරමින් එස්.එම් චන්ද්‍රසේන මන්ත්‍රීවරයා අදහස් දක්වන අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් අදාළ විවාදය සඳහා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති වරයා පාර්ලිමේන්තුවට නොපැමිණීම පිළිබඳව ප්‍රශ්න කරන ලදී.