ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ රීති ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේ විපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් බාධා කිරීම් සිදු කරන ලදී.
එහිදී අනුර දිසානායක මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයකින් විපක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් නිහඬ විය.
මන්ත්‍රීවරයා පැවසුවේ දෙමටගොඩ ඉබ්රාහිම් පිළිබඳවත්,මීගමුව නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ රටින් පැනගිය වත්තල මාබෝල නාගරික මන්ත්‍රී ගැනත් ජනාධිපතිවරයාගේ මුහුණටම විමසීමට සූදානමින් සිටින බවයි.