පාස්කු දින ශ්රී ලංකාවේ සිදුවූ අයි.එස්.අයි.එස් ප්රහාරය ගැන කරුණු පරික්ෂා කෙරුණු ත්රිපුද්ගල ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.
ත්රස්ත ප්රහාර සම්බන්ධයෙන් පරික්ෂා කළ ජනාධිපති කොමිසම විසින් එහි වාර්තාව ලබන සදුදා බාරදීමට නියමිතය.
එම ජනාධිපති කොමිසමේ වාර්තාව අගහරුවාදා පාර්ලිමේන්තුවට එවා එදිනම විවාදයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ අදහස් කර සිටියි.
ජනාධිපති කොමිසමේ වාර්තාව විවාදයෙන් පසුව කොමිෂන් වාර්තාවට විවාදයේ කරුණු ද පදනම් කර ගනිමින් ඉදිරි පරික්ෂණ කරන ලෙස ඉල්ලා සිටීමට කටයුතු කරන බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්රී රංජිත් සොයිසා මහතා පැවසීය.
අනිවාර්යයෙන්ම මෙම සතිය ඇතුළත එම විවාදය ලබා ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් කීවේය.