ජනපති රටට නැවත පැමිණීමට පෙර ප්‍රහාරයේ පළමු කණ්ඩායම අත්අඩංගුවට.

0
89
අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ ලංකාවේ සිටින සියලූ දෙනා අල්ලනතුරු දැනට සීරුවෙන් තබා ඇති ආරක්ෂක විධිවිධාන කිසිවක් ලිහිල් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත අද  දැනුම් දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝගය කළේ ශ්‍රී ලංකාවේ ස්ථාන 6 කට එකවර හා තවත් ස්ථාන දෙකකදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පැය 12 ක් ගතවීමට පෙර ඊට සම්බන්ධ සියලූ කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ආරක්ෂක අංශ රජයට දුන් නවතම වාර්තාව භාර ගැනීමෙන් පසුවය.
වර්ෂ 2015 තෙක් එල්.ටි.ටී.ඊ ත්‍රස්තවාදයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ක්‍රියාකළ ශ්‍රී ලංකාවේ බුද්ධි හා ආරක්ෂක අංශ තාක්ෂයත් සමඟ නවීකරණය වූ ත්‍රස්ත ව්‍යාපාරවලට එරහිව ක්‍රියා කිරීමට පෙළ ගැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරි දින කිහිපය ඇතුළත  අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ සියළු දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද ඉහත වාර්තාවේ දැක්වේ.
එසේම සාම සාධක හමුදා ලෙස මාලී රාජ්‍යයේ කළ සේවයේ අත්දැකිම්ද අයි.එස්.අයි.එස් මෙහෙයුම් සාර්ථක කර ගැනීමට ඉවහල් වූ බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වා තිබේ.
ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ පුද්ගලයින් හදුනා ගැනීම සදහා කෙරෙන ඩි.එන්.ඒ පරික්ෂණ කඩිනම් කිරිමට ස්කොට්ලන්ඩ්යාඩ් හා එෆ්.බි.අයි සංවිධානවල සහාය හිමිවිම පරික්ෂණ කඩිනමින් අවසන් කිරීමට හැකිවූ බවද ආරක්ෂක අංශ ඉදිරිපත් කළ වාර්තාවේ තවදුරටත් සදහන්වේ.
ප්‍රහාරය පිළිබද රජයට ඉදිරිපත් කළ වාර්තාව ගැන අදහස් දැක්වූ ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කීවේ එකවර ස්ථාන 6 කදී හා තවත් තැන් 2 කදී දරුණු ප්‍රහාර 8 ක් එල්ල වී රටින් පිටව ගිය ජනාධිපතිවරයා මෙරටට නැවත ගොඩබැසීමටත් පෙර ප්‍රහාරයට සම්බන්ධ පළමු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ජාත්‍යන්තරය සමඟ ඇති කර ගෙන තිබෙන සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස සිද්ධිය වී පැය 24 ක් ගතවීමට පෙර බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාඩ් හා ඇමරිකාවේ එෆ්.බි.අයි යන ආරක්ෂක ඒකකවල සහාය පළ වූ බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here