කිසිදු සංගීත වාදනයකින් තොරව අරලියගහ මන්දිරයේ විවාහ මංගල්‍යයක්.

0
216
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාගේ පුත් වෛද්‍ය ශිෂ්‍ය ගජිදු සොයිසා මහතාගේ විවාහ මංගල්‍ය පැවැත්වීමට සැලසුම් කර තිබු කොළඹ ෂැංග්‍රිලා හෝටලය බෝම්බ ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් උත්සවය අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදි අද පවත්වනු ලැබීය.
උත්සව ශාලාව වෙන් කර ගැනීම සඳහා අදාළ සියලූ ගෙවීම් කිරීමෙන් පසු කිසිදු සංගීත වාදනයකින් තොරව විවාහ මංගල්‍ය පවත්වන ලෙස ශාලාව දීමේ ප්‍රධාන කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමති පුත්‍රයාගේ විවාහ මංගල්‍යයට විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වූහ.
පවුල් දෙකේ සමීප  ඥාතීන් පමණක් සහභාගී වූ විවාහ මංගල්‍යයට ප්‍රධාන ශාලාවේ කොටසක් පමණක් ගෙන තිබීමද විශේෂත්වයකි.
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය අරලියගහ මන්දිරයේ පැවැත්වීම නිසා මැති ඇමතිවරු කිහිප දෙනෙකු ද ඊට සහභාගී වී සිටියහ.
විවාහ මංගල්‍යය ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වීමට මීට මාස කිහිපයකට පෙර දින වෙන් කර තිබුණත් බෝම්බ ප්‍රහාරයත් සමඟ හෝටලය වසා දැමීම නිසා උත්සවය පැවැත්වීමට නොහැකි විය.
මෙම වසර තුළ වෙනත් නැකැත් දිනයක් සොයා ගැනීමට නොහැකි වූ බැවින් අරලියගහ මන්දිරය ගත් බව පවුලේ  ඥාතියෙකු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here