පාස්කු ඉරිදා දින රටට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම පිළිබඳ වගකිවයුත්තේ කවුරුන්දැයි ආණ්ඩු පක්ෂ විපක්ෂ කවුරුත් දන්නා නමුත් ප්‍රකාශ කිරීමට බිය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කොකේන් හා කුඩු අල්ලන විට ලකුණු දා ගත්තා සේ මෙම සිදු වූ වරද පිළිගැනීමට නොහැකි ඇයිද යන්න ගැටලුවක් බවද මන්ත්‍රීවරයා කීවේය.
රටේ ආරක්ෂාව පිළිබඳ බලතල කිසිවක් තමාට හෝ පවරා නොතිබූ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ බවද මන්ත්‍රීවරයා කීවේය.රුවන් විජේවර්ධන අමාත්‍යවරයා බොරු නොකියන බවද වැඩිදුරටත් පැවසීය.
ජාත්‍යන්තර සහය ලබාගැනීමට හැකි හොඳම නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවත්,යුද්ධය පිලිබඳ හොඳම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.