අවුරුදු කාලයේ වෙන්න යන දේශපාලනයේ විශේෂ පෙරළිය.

0
81
සිංහල – හින්දු අලුත් අවුරුදු සමයේ දේශපාලන ලෝකයේ විශේෂ පෙරළියක් සිදුවනු ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකිරීමට නියමිත බව සඳහන් තීරණාත්මක දේශපාලන තීන්දුවක් හේතුවෙන්.
ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය නිකුත් කෙරෙන බව වාර්තා වේ.
එවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අපේක්‍ෂකත්වය  පිළිබඳව මතුවන අර්බුදකාරී තත්වය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්‍ෂකත්වය ලබාගැනීමේ සැලැස්මක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නකාරී තත්වය හමුවේ මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමේ වැදගත්කම ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ ප්‍රබලයින් පිරිසක් දැනුම් දී ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here