හෙට අයවැයට පක්‍ෂ,විරුද්ධ සහ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින අය මෙන්න.

0
69
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම හෙට පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
මේ වනවිට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණ නිශ්චිතවම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට දැනුම් දී තිබේ.
ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය සහ දෙමළ ජාතික සන්ධානය අයවැය ඡන්දය ප්‍රකාශ කිරීම පිලිබඳ අවසන් තීරණය හෙට දිනයේදී ගනු ලබන බවට දැනුම්දී ඇත.
ආනන්ද අලුත්ගමගේ,එස්.බී.නාවින්න,දුනේෂ් ගන්කන්ද යන එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරුන් මෙන්ම දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්.වියලේන්ද්‍රන්  හෙට දිනයේ  විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බව සඳහන්.එහෙත් අශෝක ප්‍රියන්ත, විජේදාස රාජපක්‍ෂ සහ අතුරලියේ රතන හිමි යන එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරුන් මෙන්ම දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දික බණ්ඩාරනායක,මනුෂ නානායක්කාර,පියසේන ගමගේ,ඒ.එච්.එම්.ෆවුසි,ලක්‍ෂ්මන් සෙනවිරත්න,විජිත් විජයමුණි සොයිසා යන ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් අයවැයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බව සඳහන්.
මේ අතර දුමින්ද දිසානායක මහතා ඇතුළු ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනු ඇති.හෙට පස්වරුවේ ඡන්ද විමසීම අවසන් වන තුරු එහි ප්‍රතිපලය පිළිබඳව නිශ්චිත අදහසක් පැවසීමට නොහැකි තත්වයක් උද්ගතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here