අද අයවැය විවාදයට මන්ත්‍රීවරු අඩු ඇයි?

0
144
අයවැය දෙවනවර කියවීමේ විවාදයේ තෙවන දිනය අදයි.
අද දිනයේ ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයේ අඩුවක් දක්නට ලැබේ.ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපා ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඇතුළු ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන විශාල පිරිසක් කොළඹ රාජකීය සහ සාන්ත තෝමස් යන විදුහල් දෙකෙහි ආදී සිසුන් වීම නිසා මේ වනවිට පැවැත්වෙන 140 වන නිල් මහ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය නැරඹීමට ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් මේ වනවිට මහනුවර නගරයේ පැවැත්වෙන ඉවසුව ඇති විරෝධතා රැළියට සහභාගී වී සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here