නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට යෝජිතව තිබූ අයවැය ආණ්ඩු පෙරළියත් සමගින් ඉදිරිපත් කිරිමට නොහැකිවිය.
කෙසේ වෙතත් එසේ ඉදිරිපත් කිරිමට නොහැකි වූ අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද පස්වරුවේ දී පාර්ලිමේන්තුව වෙන ඉදිරිපත් කරනු ලබන මෙම රජයේ පස් වැනි අයවැය මගින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම (Empowering the people, nurturing the poor) ප්‍රධාන කොටගෙන සියලු ජනතාවගේ මූලික අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජිවනෝපාය අවශ්‍යතාවන් ඉටු කිරීම අරමුණ වේ.
අද ඉදිරිපත් කරනු ලබන මෙම අයවැය මගින් ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තව දුරටත් පුළුල් කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙළ දියත් කරනු ඇත.