8 වෙනිදා ගෝඨා එන්නේ නෑ.

0
167
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහනුවර පැවැත්වීමට නියමිත දේශපාලන රැළියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්නොවන බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් ඔහු එම රැළියට එක්වෙන බව සඳහන් කරමින් ජනතාව වැඩි වශයෙන් රැළියට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වන්නේ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව මහනුවර පොදු වෙළඳ සංකීර්ණයේදී මෙම රැළිය පැවැත්වීමට නියමිතය.
මෙම රැළියට හිටපු ආරක්ෂක ලේකම්වරයා එක්විමට නියමිතව තිබේ. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුද මෙම රැස්වීමට එක්විමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here