රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා,රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා සිදුකළ ප්‍රකාශයකට සිය මුහුණු පොතේ සටහනකින් දැඩි පිළිතුරක් ලබාදී තිබේ.
ඔව්,අජිත්,උඹලත් එක්ක බලද්දී මට මොළේ අමාරුවක් තියෙනවා – රන්ජන්ගෙන් අජිත් මානප්පෙරුමට පිළිතුරක්.
ඇත්ත බන් මට උඹලගේ මේ ඩීල් දේශපාලනයේ තේරෙන්නේ නැති ලොකු මොලේ අමාරුවක් තියෙනවා. මේ කොකේන් කතාවේ රාජපක්ෂලා විතරයි ඉන්නේ කිව්වනම් උඹලා අප්පුඩි ගහලා රන්ජා අපේ විරයා කියල කියන බව මම දන්නවා ඒක දැනගෙනම මේකේ ඉන්න ඔක්කොම ගැන කියන්නත් මට පිස්සු මචන්. උඹ හරි ලොක්කා මටත් තියෙන්නේ ඔය දෙපැත්තේම හොරු එක්ක පොඩි කොකේන් පාරක් ගහගෙන ඉන්න, ඒක තේරුම්ගන්නේ නැතුව මේවා කියන මට ලොකු මොලේ අමාරුවක් තියෙනවා බන්. උඹ හරි අජිත්,උඹ හරි,මම මීට පස්සේ උඹව ෆලෝ කරන්න උත්සාහ කරන්නම්,බොහොම ස්තුතියි.