යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද (31) යවනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ හා යහපාලන ප්‍රතිපත්තිවලට එකඟ අනෙකුත් දේශපාලන පක්ෂ කිහිපයකුත් එකමුතුවෙන් නව සමගි සන්ධාන ජාතික රජය පිහිටුවන බව පාර්ලිමේන්තු මහලේකම් වෙත යැවු යෝජනාවේ සඳහන්ය.
රාජපක්ෂ ණය කන්දරාවද ගෙවමින් ජනතාවට උපරීම සහනදීමට සහ රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට කැමැත්ත පළ කරන සියළු පක්ෂවලට සමගි සන්ධාන ජාතික රජයට එක්විය හැකි බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණෙු සමගි සන්ධාන ජාතික රජයට සම්බන්ධ වන පක්ෂ මොනවාදැයි ජාතික රජය පිහිටුවිමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමිසිමේදි ඔප්පු කරන්නේයැයිද ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.