යෝෂිතගේ විවාහයට යන්න කලින් රනිල් කීව දේ…

0
80

වර්ෂ 2015 සිට 2018 දක්වා සිදුවූ දුෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් ඔක්තෝම්බර් මස 26 දින සිට දින 51 කාලයක් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරය දැරූ කාලයේ වූ දුෂණ ගැනද සෙවිය යුතු බව උපාය මාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.වෙළෙද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 215 ජනවාරි සිට 2018 ඔක්තෝම්බර් 26 තෙක් මෙන්ම දින 51 ක කාලයේත්, අදත් රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බැවින් කොමිසමට පූර්ණ සහාය දීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇතැයි ද නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී 24 පෙරවරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු හා පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස් පළ කිරිමේ හමුවේදීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යයට සහභාගීවීම සඳහා මැදමුලනට යාමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු සමඟ අදහස් හුවමාරු කර ගැනු ලැබීය. හිටපු ජනාධිපති පුතුගේ විවාහ මංගල්‍යයට අග්‍රාමාත්‍යවරයා සමඟ මුදල් ඇමති මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර, මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමති කබීර් හෂිම්, වරාය හා නාවුක කටයුතු ඇමති සාගල රත්නායක යන මහත්වරුන්ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here