ජනපතිගේ ඉල්ලීම මහින්ද – රනිල් – කරූගෙන් ප්‍රතික්‍ෂේප වෙයි.

0
90

අභියාචනාධිකරණයේ සභාපතිධුරය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යෝජනා කර එවූ මහින්ද රාජපක්ෂ හිතවතියක මෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් කළ දිපාලි විජේසුන්දර ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවෙනි වතාවටත් 23 දා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ශ්‍රී ජයවර්ධනපුර කෝටටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදි පෙරේදා පස්වරුවේ රැස්විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියළු සාමාජිකයෝ ඒ රැස්වීමට සහභාගී වී සිටියහ.

අභියාචනාධිකරණ සභාපතිධූරය සඳහා ජනාධිපතිවරයා විසින් මීට පෙර එවන්නට යෙදුනු ඒ අවස්ථාවේ ප්‍රතික්ෂේප වූ නම යළිත් වතාවක් සති දෙකකට පසු සභාවට එවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගනු ලැබීය.

අභියාචනාධිකරණ සභාපති පුරප්පාඩුව ගැන ව්‍යවස්ථාදායක සභාවේ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ජනාධිපතිවරයා එවූ නම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here