ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන දිනය.

0
87

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම සතිය තුළ රැස්වීමට නියමිතව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන දිනය කතානායක කරූ ජයසූරිය මහතා විසින් අද දිනයේ ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

ජාතික පොලිස් කොමිසම සඳහා නව සාමාජිකයින් පත් කිරිම එහිදී සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි

ජාතික පොලිස් කොමිසමේ නිල කාලය පසුගිය ඔක්තෝබර් මස 14 වන දිනෙන් අවසන් වුණි.

කෙසේවෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව නිලධාරි මණ්ඩලය පත් කරන තුරු වත්මන් නිලධාරි මණ්ඩලයට කොමිසමේ කටයුතු පවත්වාගෙන යාමේ හැකියාව පවතියි.

කථානායක කරූ ජයසූරිය මහතා ලබන 27 වන දින විදෙස් සංචාරයක නිරතවිමට නියමිත අතර ඊට පෙර පොලිස් කොමිසමට සාමාජිකයින් පත් කිරිම සදහා ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතව තිබේ.

කරූ ජයසූරිය මහතා නිළ සංචාරයක් සදහා ලබන 27 වනදා මොංගෝලියාව බලා පිටත්ව යාමට නියමිත බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here