පාර්ලිමේන්තුවේ ආහාර සැපයීමේ ක්රියාවලිය නැවත පුර්ණ පරීක්ෂාවට ලක් කරන්නැයි කතානායක කරු ජයසුරිය මහතා එහි අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මෙරට වැඩියෙන්ම ආහාර නාස්ති වන්නේ පාර්ලිමේන්තුවේ යැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවති ලෝක ආහාර දින සැමරුම් උත්සවයේ දී ප්රකාශ කර තිබු අතර ජනාධීපතිවරයාගේ ඒ ප්රකාශය සැළකිල්ලට ගෙන කතානායකවරයා මේ උපදෙස් දී තිබේ.
පාර්ලිමේන්තුවේ ආහාරපාන සැපයීම අරපරිස්සමෙන් කරන්නැයි වර්තමාන කතානායකවරයා එම ධුරයට පත්වු පසුව උපදෙස් දී ඒ අනුව කටයුතු කෙරුණූ බවත් මේ පියවර නිසා ආහාර සඳහා වියදම් සැළකිය යුතු ප්රමාණයකින් අඩුකර ගැනීමට හැකිවුණු බවත් කතානායක කාර්යාලය පවසයි.