ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව හා සම්බන්ධ දූෂණ මැඩපැවැත්ලීම සඳහා
සහය ලබා දෙන ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන
රණතුංග මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
තම මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි මහතා ඉන්දීය ක්‍රිකට් දූෂණ මැඩලීම
පිළිබඳ ව්‍යාපෘතිය සම්බන්ධ අත්දැකීම් රැසක් ඇත්තෙක් බැවින්,
ආරම්භයක් ලෙස ඔහු සමග සාකච්ඡා අරඹන ලෙස මෝදි මහතා දැනුම්
දුන්නේය. ඉන්දීය බලධාරීහු වහාම ඒ සාකච්ඡාව සංවිධානය කළහ.