මෛත්‍රීගේ රෝ ඝාතන තැත ගැන රනිල්ගේ තීරණය.

0
150

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දිය රජයේ ඉහළ ආරක්ෂක ප්‍රධානින් සමඟ සාකච්ඡා කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඝාතනය කිරිමට රෝ ඔත්තු සේවය කටයුතු කරන බවට කළ ඉහත ප්‍රකාශය ගැන ඉන්දිය ආරක්ෂක ප්‍රධානින් සමඟ සාකච්ඡා කිරිමට අගමැතිවරයා තිරණය කර ඇත්තේ හෙටින් ඇරඹෙන ඒ මහතාගේ ඉන්දීය සංචාරයේදීය.

තමා ඝාතනය කිරිමට රෝ ඔත්තු සේවය කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදි ප්‍රකාශ කළ බවට ද හින්දු පුවත්පත අනාවරණය කළේය.

ද හින්දු පුවත්පත පළ කළ පුවතට ශ්‍රී ලංකාවේ මාධ්‍යයද ඉතා ඉහළ ප්‍රචාරයක් දුන්නේය. ශ්‍රී ලංකා ජනාධිපති ඝාතනය කිරිමට රෝ ඔත්තු සේවයේ කුමන්ත්‍රණයක් තිබේදැයි ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් සමඟ සෘජුව කතා කිරිමට අවස්ථාව දෙන ලෙස ද අගමැතිවරයා ඉන්දිය රජයෙන් ඉල්ලිමක් කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඉන්දිය සංචාරයේ න්‍යාය පත්‍රය මේ වන විට සකස් කර තිබුණද ශ්‍රී ලංකා ජනාධිපති ඝාතනය කිරිමට කුමන්ත්‍රණයක් පවතින බවට පළවූ ප්‍රකාශය හේතුවෙන් ආරක්ෂක ප්‍රධානින් හමුවිමට අවශ්‍ය බවට විශේෂ ඉල්ලිමක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ වන විටත් ඉන්දිය රජය වෙත යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here