එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට උදෑසන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.
ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එම රැස්වීමේදී වත්මන් යහපාලන රජය මෙලෙස ඉදිරියට ගෙන යන්නේද එසේත් නැත්නම් තනි ආණ්ඩුවක් පිහිටුවන්නේද යන්න පිලිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී අද රාත්‍රී 7.00ට පැවැත්වේ.
සභාග ආණ්ඩු යෝජනාව පිලිබඳ මෙහිදී සාකච්චා වනු ඇතැයි සඳහන්.